"යෝග භාවනා ක්‍රමයක් ඇමරිකානු හෘද විද්‍යා සංගමයෙන් අධි රුධිර පීඩනය පාලනය සඳහා සුදුසු බව පිලිගනී"
නිරාගමික තර්කයන්ට අනුව සියළුම ආගමික ඉගැන්වීම් ඔවුන් හඳුනාගත් මිත්‍යා ගනයට අයත්වේ. මේවා සම්පූර්නයෙන්ම මානසිකව නිර්මාණය කරගත් ප්‍රායෝගික වැදගත් කමක් රහිත ආගමික ජාවාරම පෝෂනය කිරීමට නිර්මානය කරගත් සංකල්පයන්ය.
එක් උදාහරනයක් ලෙස භාවනාව සහ යෝග ක්‍රම සැලකූවිට ඒවායේ ප්‍රතිඵල යයි හඳුන්වන දේ ස්වයං මොහනය සහ මත්ද්‍රව්‍ය ගැනීමෙන් ඇතිවන බලපෑමට සර්ව සමානය. මේවා මිත්‍යා මිස විද්‍යාත්මක හරයක් රහිත සංකල්පයන්ය.
මේ බව නිරාගමික හේතුවාදී පුරෝගාමීන් විසින් හේතු-ඵල තර්කනයෙන් සංකල්පයක් ලෙස සමාජගතකිරීමට දැඩි වෙහෙසක් දරයි. විද්‍යාව නමැති මෙවලම යාවතත්කාල වෙමින් මිනිසා විසින් පරිහරනය කිරීමේදී හේතුවාදී නිරාගමික පටු චින්තනය බිඳවැටේ. මේ එවැනි එක් උදාහරනයක් පමනි.
කොවුර් මහතා පුන පුනා ප්‍රකාශ කල, ජේම්ස් රැන්ඩි උපහාසයට ලක්කල ආගමික ඉගැන්වීම් තුල ඇති භාවනාව සහ යෝග ක්‍රම වල විද්‍යාත්මක උපයෝගිතාවයන් ඇති බව විද්‍යාත්මක අද්යනයන්ගෙන් ඔප්පුවී හමාරය.
මේ පිළිබඳව කොවුර් වියතා අදහස් දක්වා ඇති අයුරු පහත දැක්වේ.
කොවුර්: දෙවියෝ සහ භූතයෝ 97 පිටුව |
කොවුර්: දෙවියෝ සහ භූතයෝ 226 පිටුව |
කොවුර්: දෙවියෝ සහ භූතයෝ 101 පිටුව |
මුල් යුගයේ හේතුවාදී පුරෝගාමීන්ගේ තර්කනයම උපයෝගී කරගත් මැජික් ශිල්පී රැන්ඩි භාවනාව සහ යෝගවල විද්‍යාත්මක උපයෝගීතාව පර්යේශන වලින් ඔප්පුවීමට පටන්ගත් විට, ඔහුගේ අනුගාමික විද්වතුන් සමග කියාසිටියේ ඇමරිකාවේ ප්‍රචලිත ලෝකෝත්තර සමාධි භාවනාව (Transcendental Meditation) යෝග භාවනා ක්රමයේ විද්‍යාත්මක ශක්‍යතාවක් ඇතිබව තහවුරුවී ඇතිබව ප්‍රකාශ උවද,,
1. කල්පිතයට පටහැනිවීමට කිසිම පර්යේශනයක් කර නොමැති බවත්.
2. බොහෝ පර්යේශන සිදුකර ස්වාධීන පර්යේශකයින් නොව ඇත්තේ පක්ශපාතීන් බවත්,
3. දීර්ඝ කාලීන බලපෑම් සඳහා පර්යේශන කර නැති බව සහ
4. මෙම ක්රමයේ අහිතකර සෞඛ්‍යමය බලපෑම් අවමව එක් අද්‍යයනයකින් හෝ අනාවරනය නොමැති බවත්ය.
කල්පිතයක් පටහැනිවීමට පර්යේශන කරනවා යනු නැත යන්න ඔප්පු කිරීමට පර්යේශන සිදුකිරීමයි. පොදු සම්මතයක් ලෙස කල්පිතයක් ගොඩ නගනුවේ පාලිතයට (control) සාපේක්ශව ක්‍රියාවලියක බලපෑම (treatment effect) ඇත යන්න සාධනය කිරීමටයි.
නිරාගමික හේතුවාදීන්ගේ මූලික තර්කනය වන්නේ නැත යන්න ඔප්පු කිරීමට අනවශ්‍ය බවයි..(කර්මය, පුනර්භවය,හොල්මන්, අවතාර ආදී ඔවුන් අභියෝගයට ලක්කරන මාතෘකා, එම නිසා ඔවුන් කියා සිටින්නේ ඇත යන්න ඔප්පු කර පෙන්වන ලෙසයි) නමුත් තම මූලික රීතිය තමන්ගේ වාසියට අවභාවිත කර ඇති අයුරු පැහැදිලි කිරීමට වෙනත් උදාහරන අවශ්‍ය නොවේ.
බොහෝ පර්යේශන සිදුකර ඇත්තේ පක්ශපාතීන් බව /දීර්ඝ කාලීන බලපෑම් සඳහා පර්යේශන කර නැති බව /අහිතකර සෞඛ්‍යමය බලපෑම් ආදී ගැටලු සඳහා පහත හොඳම උදාහරනය දක්වා ඇත. එනම් ඇමරිකානු හෘද විද්‍යා සංගමය (American Heart Association) චර්යාමය චිකිස්සා ක්‍රමයක් ලෙස යෝග භාවනා
ක්‍රමය අධිරුධිර පීඩනය අඩුකිරීමට නිර්දේශ කොට ඇත. එය විද්‍යාත්මක ප්රකාශනයක් ( Scientific Statement) ලෙස 2013 වසරේදී නිලවශයෙන් ප්‍රකාශයට පත්විය.
අහිතකර සෞඛ්‍යමය බලපෑම් අවමව එක් අද්‍යයනයකින් හෝ අනාවරනය නොමැති බව: අහිතකර බලපෑම් ඇතිවීමේ සම්භාවිතාවයක් ඇත. යෝග ක්‍රම නියමාකාරව කිරීමට නොහැකිවීමෙන් අතුරු බලපෑම් ඇති වියහැකි බව යෝග දර්ශන්යේ ඉගැන්වීමකි. නමුත් ශිල්පීය ක්‍රම ප්‍රගුනකල යෝගාචාර්යවරයෙකු යටතේ පුහුනු වීම අතුරු බලපෑම් අවමකිරීමේ විකල්පයයි. යෝග ක්රමයක එක් හෝ සුලු අතුරු ආභාධයක් නිරාගමිකයින්ට සියලු යහපත් ප්‍රතිඵල අභිබවා අතිශෝක්තියෙන් උලුප්පා දැක්වීමට හැක.
අප උදාහරනයක් ලෙස දැනට භාවිතා වන ඖශධ සැලකුවහොත් වැඩි ප්‍රමානයක් අතුරු ආභාධ වලට දායකවේ. 100% අතුරු ආභාධ රහිත ප්‍රතිකාර කරම විරලය. මෙහිදී සාපේක්ශ වාසිය සලකා බලනු ලබයි.
2012 නොවැම්බර් මස රැන්ඩි පදනම සතු JREF Swift Blog අඩවියට භාවනාව පිළිබඳ ලිපියක් සපයන එහි සාමාජික Dr. Steve Novella ප්‍රකාශ කර සිටින්නේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිපල විශේෂී නොවන ඒවා ( Non specific effects ) බවයි.
මෙයින් නිරාගමික හේතුවාදී අදහස් වල ඇති අසාර්ථකත්වය හොඳින් පැහැදිළිවේ. විද්‍යාව මෙවලමකි එය සියළු ක්‍රියාවලීන්ට අනුගතවන ආකාරය යම් සීමාතුල නිර්නය කිරීමේ සම්භාවිතාවයක් පවතී. එමනිසා පාරම්පරිකව පැවතෙන සියලුදේ මිත්‍යාවන් බව ප්‍රකාශ කිරීම විද්‍යාත්මකද නැද්ද යන්න තේරුම් ගැනීමට මෙය ප්‍රමානවත්ය.
දැනට භාවනා සහ යෝගක්‍රම අදාල විද්‍යාත්මක පරියේශනවලින් අනාවරනය කරගත් ධනාත්මක බලපෑම් පොදුවේ පහත සඳහන් ලෙස දැක්විය හැක.
සමාජමය සහ පුද්ගල කේන්ද්‍රීය වාසි
1. කනස්සල්ල, කාංසාව සහ ආවේගශීලීබව අවමවීම.
2. මානසික ආතතිය, බිය, තනිකම සහ මානසික අවපීඩනය අවමවීම.
3. ආත්ම අභිමානය සහ ස්වයං පරිග්‍රහණය වඩාත් වැඩි වීම.
4. වේදනාව සහ දුක් එරෙහිව ඔරොත්තු දිමේ හැකියාව ශක්තිමත් කරගත හැකිවීම
5. ශුභවාදී බලාපොරොත්තු, සැහැල්ලුවීම සහ දැනුවත් කිරීමේ වර්ධනය වේ
6. මානසික ආහාර සහ දුම්පානය වැළැක්වීම උදව් කරයි
7. ධනාත්මක සමාජ සම්බන්ධතා වර්ධනය උදව් කරයි
8. මනෝභාවය සහ මානසික බුද්ධි ශක්තිමත් කරගත හැකිවීම
මානසික නිරෝගීතාව
1. මානසික ශක්තිය සහ අවධානය වර්ධනය වේ
2, මතකය රඳවා තබා ගැනීම සහ මතක් වර්ධනය වේ
3. වඩා හොඳ ප්රජානන කුසලතා සහ නිර්මාණාත්මක චින්තනය වැඩිදියුනු වේ.
4. වඩා හොඳ තීරණ ගැනීමේ සහ ගැටළු නිරාකරණ හැකියාව.
5. මොලයේ තොරතුරු සැකසීමේ හැකියාව වර්ධනය වීම
6. චිත්ත ඒකාග්‍රතාව
කායික නිරෝගීතාව
1. සෞඛ්‍ය සම්පන්න ශරීරය.
2. ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා ශක්ති මට්ටම වැඩි දියුණු වීම
3. හුස්ම හා හෘද ස්පන්දන වේගය වැඩි දියුණු වීම
4. රුධිර පීඩනය අඩු කරයි.
5. හදවත හා මොළය ගැටළු අවම වීම
6. ප්‍රදාහ රෝග හා ඇදුම අවමවීම
7. ඔසප් රෝග හා සම්බන්ද සින්ඩ්‍රෝමයන් අවම වීම
8. Arthritis ෆයිෙබොමිල්ජියා, HIV වැළැක්වීම උපකාරී වීම
මෙවැනි පර්යේශන තුලින් මොලයේ Gray Matter සහ neuroplasticity ආදියටවන යහපත් බලපෑම්, සෛලවල මයිට්රොකොන්ඩ්රියමේ ශක්ති පරිවෘර්තිය වැඩි දියුනුවන බවත් භාවනාව සහ යෝග තුලින් DNA ව්‍යුහයට පවා බලපෑම් ඇතිකල හැකිබව පර්යේශකයන් ප්‍රකාශ කරයි. මෙවැනි බලපෑම් ගන්ජා හෙරෝයින් ආදී මත්ද්‍රව්‍යයන්ට සිදුකල හැකිනම් විද්‍යානුකූලව මෙවැනි මත්ද්‍රව්‍ය නිර්දේශවී හමාරය.
ඇමෙරිකානු හෘද රෝග සංගමයේ විද්‍යාත්මක ප්රකාශනය |
පර්යේශන පත්‍රිකා ලබාගතහැකි වෙබ් අඩවි
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
|